සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හා එක්වීමට මෙතන ඔබන්න.

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

චූටි මල්ලිට Like එකක් දාලම යන්න

Sunday, February 5, 2012

චූටි මල්ලි දෙවන පාරටත් ගේමට බසී!!!!!!!

චූටි මල්ලි දෙවන පාරටත් ගේමට බසී!!!!!!! 

“අම්මෝ ……………!!!!!!!!!!!!!!!!!!!!  මාස 10කට පස්සෙ නේ???  කෝමද ඉතින්??? ඔව් අප්පා එන්නම බැරි උනානෙ බ්ලොග් එක පැත්තේ මාස 10ක්ම !!! කොහෙද වැඩ වැඩ, ඔව්  හුස්ම ගන්න වෙලාවක් තිබ්බෙ නෑ!!!!!!!!! ඔයාට කියන්න මාර ගේමක් දීලා තමයි මෙච්චර ලියන්න වත් වෙලාව හොයා ගත්තේ, ඉතින් කොහොමද සැප සනීප එහෙම???????”



ඔන්න මාස 10ක්ම කාර්යබහුලව ගත කරපු චූටි මල්ලි, අම්මගේ තාත්තගේ දහසකුත් එකක් ඉල්ලීම් මැද්දෙම (අඩුම ගානෙ වත්තෙ පිටියෙ වත් වැඩක් කරපන් සොත්තිය වගේ දවසම නිදා ගන්නේ නැතුව :D) හිතුවා කාර්යබහුල ජීවිතේ වෙනසකටත් එක්ක ආයෙමත් බ්ලොග් එක පටන් ගත්තොත් හොදයි කියලා, 


චූටි මල්ලී A/L ලුත් ඉවර කලා 2011 අවුරුද්දේ. අගෝස්තු කිට්ටු වෙනකම්ම චූටි මල්ලි නිදි මරාගෙන, කුප්පි ලාම්පු එලියෙන්, මදුරුවො තල තල, ගොඩාක් බාධක මැද්දේ………… facebook මැරුවා. අනේ අපරාදේ කියන්න බෑ ඒ පිහිටෙන්ම චූටි මල්ලිට විතරක් නෙමේ උගන්වපු ගුරුවරුන්ටයි, අම්ම තාත්තටයි තේරුනා මූ නම් මේ ආත්මෙට A/L ගොඩ යාමක් නෑ කියලා. මොනා කරන්නද අපි ලබා උපන් හැටි තමයි!!!! චූටි මල්ලි සැලුනෙ නෑ 


“ඇයි යකෝ,,,,,,,,,,,,,,,,, පෙලක් මිනිස්සු ඉන්නවා අත පය නැතුව ලියන්න බෑ, පෙලක් මිනිස්සුන්ට කන් ඇහෙන්නේ නැතුව කියන දෙයක් අහල ඉගෙන ගන්න බෑ, පෙලක් මිනිස්සුන්ට පෙන්නෙ නෑ, ඒ අතින් චූටි මල්ලි රත්තරන්නේ, ෆේල් වෙන්න හරි විභාග ලියනවා කියලා හිතා ගත්තා.” 
විභාගෙත් අන්තිම මොහොත වෙනකම් චූටි මල්ලි නෙමේ ගේම අතහැරියේ, මතකෙට එන එන දේ ලිව්වා, පන්තියෙ හිටපු වැඩර් කොල්ලෝ දාඩිය දාගෙන ලියල ඉවර වෙද්දිත් චූටි මල්ලි නෙමේ ලියලා ඉවර, විභාග පරීක්ෂක චූටි මල්ලි ගාවමයි අලි කටු කොල තොගයක් තියන්, මොකද චූටි මල්ලි කටු කොල ඉල්ලන ඉල්ලන ගානට දෙන්න එපැයි, ඉගෙන ගන්න වැඩර් කොල්ලන්ගේ මූන වල් බෙරි වෙලා ඇයි යකෝ කට්ට කාගෙන පාඩම් කරපු උනුත් ලියල ඉවර වෙද්දි කට්ට කාගෙන පික්සු කෙලපු චූටි මල්ලි තාම ඉවර නෙති හින්දා!!!!!!!!!! විභාග පරීක්ෂකටත් හිතෙන්න ඇති මූ ලග කටු කොළ තියන් චාට්‍ර් උනත් ණය නෑ කවදා හරි රටට හොද 
මොලයක්නෙ කියලා :D

කොල එකතු කරන වෙලාවට ඔක්කොම කොල්ලො චූටි මල්ලි දිහා බලාගෙන, චූටි මල්ලිත් දුන්නා පිටු විස්සක් විසි පහක් අමුනල ඇඩ්‍රස් නැති වෙන්න !!!!!!!!!!!! චූටි මල්ලිට මාර සතුටුයි විභාගේ පේල් උනත් දුක නෑ දැන් නම්!!!! මෙහෙම මාසයක්ම විභාගේ කෝම හරි ලිව්ව චූටි මල්ලි, 

අම්මෝ…………………………!!!!!!!!!!!!!!!! 

විභාගේ ඉවර උන දවසෙ චූටි මල්ලිගෙ හිතට දැනුනු සැනසීම නිකන් නිවන් ගියා වගේ……………………………………….!!!!!!! 


නිවන් ගියා වගේම තමා හිතේ පොඩි දුකකුත් තිබ්බා, ඇයි අප්පා අවුරුදු 13ක්ම ස්කෝලෙ ඇවිත් යාළුවෝ සිය ගානක් හම්බෙලා කතා කරපු, එකට පික්සු කෙලපු, එකට අයිස් ගහපු, ස්කෝලෙත් අදින් ඉවරනෙ කියන හැගීම චූටි මල්ලිගෙ හිතේ කොනක සියුම්ව චූටි මල්ලිගෙ හිත රිද්දන්න පටන් ගත්තු නිසා, දුක වැඩිම උනොත් මාසයක් තියෙන්න ඇති :D 

ඉතින් ඊට පස්සෙ මේ අද මොහොත වෙනකම්ම චූටි මල්ලි කලේ දවසේ වැඩි හරියක් නින්දෙන් අනාගතේ ප්ලන් කරපු එක, කාලා ඉන්න බැරි ඔය ටික අපේ ගෙදර උන්දලට තේරෙන්නේ නැති එකනෙ, මට සැනසීමේ අනාගතේ ප්ලෑන් කරන්න දුන්නෙම නෑ, චූටි මල්ලිට ඒ මාස 10යෙ නැගිටින්න alarm එහෙම තියන්න ඕනකමක් තිබ්බෙ නෑ මොකද චූටි මල්ලිගෙ අම්මා හැම පැයකටම සැරයක් ලගට ඇවිත්; 

“ආ අදත් රාජකාරිය පටන් ගත්තද? බලන්න එපැයි මේ වයසෙ අනිත් කොල්ලෝ, අපි ලමයින්ට සැප දෙනවා වැඩී, දුකට හැදෙන ලමයි තමයි කාලෙයි ඉගෙනීමෙයි අගය දන්නේ, ප්‍රථිපල ආවම බලගම්මුකෝ පුතන්ඩියගේ වැඩ, බඩ ලොකු උනාම වැඩ බෑ කියනවනෙ කන්න නම් නැගිටිනවා වෙලාවට, අඩුම ගානෙ අදින ඇදුමක් හෝද ගන්නවා මේ මහ දවල් නිදා ගෙන නාස්ති කරන වෙලාවෙ” 

ඔන්න ඔහොම කියවනවා,  

ඔව් අප්පා අම්මලා කෝමත් ඔහොම තමා ඒත් චූටි මල්ලිගෙ පපුව හෝස් ගාලා යන්නේ……………………………… 

 “චූටි පුතේ ඇවිල්ලා බත් කන්න, චූටි මෙන්න තේ බොන්න, දුවේ මල්ලිටත් අරන් තියන්න නැගිට්ට වෙලාවකට කයිනෙ, චූටි පුතෙ දත් මැදලා නිදා ගන්න, මේ කොල්ලා හෝදන්නේ නැත්නම් මං වත් රෙදි ටික හෝදලා දාන්න” 

 කියල චූටි මල්ලිගෙ රත්තරන් අම්මා කියන කොට තමා……… 



එවලෙටනම් ප්ලෑන් කරන එක පැත්තකට දාලා අම්මට පොල් ගෙඩියක්වත් කඩලා දෙනවා චූටි මල්ලි, චූටි මල්ලි මෙහෙම හිටියට හරි සංවේදී කොල්ලෙක්!!!!! 
ඔන්න ඔහොමයි චූටි මල්ලිගෙ දින චරියාව ගෙවුනෙ, චූටි මල්ලිගේ මහා ඥාණයට දැන් දවස් දෙක තුනකට උඩදි තේරුනා ප්ලෑන් කෙරුව ඇති දැන් ප්ලෑන් ක්‍රියාත්මක කරන්න කාලේ හරි කියලා, ඒ හින්දාම කාර්ය බහුල ජීවිතේට සමු දුන්නා සදහටම, චූටි මල්ලි අලුත් ප්ලෑනක් එක්ක ජීවිතේ අළුත් පරිච්ඡේදයකට මුල පුරන්න හිතුවා, සැබෑ වෙනසක්, ආශ්චර්යක් සදහා යන ගමන මේ පෝස්ට් එකත් එක්කම පටන් ගන්නවා කියල චූටි මල්ලි චූටි මල්ලිටම දිවුරලා පොරොන්දු වුනා. 
ඉතින් අද ඉදන් හැමදාම දවසක් ගානේ චූටි මල්ලි චූටි මල්ලිට වෙච්චි දේකුත් අරන් ඔයාලා ගාවට එනවා, ඇවිත් බලලා චූටි මල්ලිව දිරිමත් කරන්න comment එකකුත් පුළුවන්නම් දාලා යන්නකෝ………………. 

අප්පට උඩු තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ඔයාලා මොකද හිතන්නේ විභාගේ ඉවර වෙලා පන්තියෙ ඉගෙනම ගන්න තුන් හතර කට්ටුව ලියපු පේපර් එකත් තියන්, මේකෙ උත්තරේ මොකක්ද??? අරකට ආව උත්ත්‍රේ මේකද??? ඔය උත්තරේ නෙමේ මේකයි උත්තරේ කියල මරණ පරීක්ෂන කරන එක ගැන????????? කියන්න දෙයක් තියෙ නම් ඒ ගැන comment එකකින් අදහසක් පල කරල යන්නකෝ……………… 



                                                                ජය වේවා!!! :)

Wednesday, March 9, 2011

චූටි මල්ලිට ලොවෙත් නැති ප්‍රතිචාර, අපි යන්නේ කොයි පාරේ චූටි මල්ලි යන පාරේ!!!

මෙච්චර කාලයක් නිශ්ශබ්දව ඉදලත් චූටි මල්ලිට ලැබෙන ප්‍රතිචාර නම් ආයෙත් නෑ, ලොවෙත් නැති ප්‍රතිචාර !!! 

චූටි මල්ලි ඊයෙ ඉදන් ඉන්නෙ පුල් හැපි එකේ, ඊයේ පොඩි පොඩි සාටර් සිද්ධි දෙක තුනක් උනත්, සමස්තය චූටි මල්ලිට මිශ්‍ර ඵල සහිත සුබදායක දිනයක්!!! 

මොකක් ඊයේ චූටි මල්ලිට මොනාද උනේ කියල දන්නේ නෑ???? අයියෝ කියන්න එපැයි සිංහලෙන්, ඕන්න එහෙනම් මෙතනින් බලාගන්නකෝ චූටි මල්ලි සාටර් වෙච්ච සාටර් විල්ල, ඔයගොල්ලො හින්දා කියෙව්වට කමක් නෑ, වෙන කාටවත් කියන්න එපා හොදේ?????
ඊයේ රෑ නිදාගන්න ඉස්සෙල්ලා චූටි මල්ලි කැදෙව්වා කැරම් බෝඩ් මීටිමක්, චූටි මල්ලිගෙ කාමරේ, මීටිමට සහභාගී උන ඔක්කොම කට්ටිය චූටි මල්ලි සහ සහෝදරයෝ සමාගමේ විධායක නිලධාරීන්, ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන් ලොකු අයියා, මද්දු අයියා, පොඩි අයියා සහ මම (චූටි මල්ලි ) තව අපේ සමාගමේ සුළු කොටස් හිමි චුට්ටි නංගි, ලොක්කි නංගි සහ ලොකු නෑනා ( චූටි මල්ලි බලන්න ඇවිල්ල මේක කියවන ඔයගොල්ලො හිතනව ඇති චූටි මල්ලි කාන්තාවන්ට සම තැන ලබානොදෙන, පුරුෂාධිපත්‍යයට සහය පලකරන , විදේශීය අදිසි බලවේගයක දේශීය හස්තයක් කියලා, අපෝ නෑ මුන්ට කැරම් ගහන්න බැරි හින්දා පැත්තකට වෙලා බලන් ඉන්නවා, එකයි සුළු කොටස් හිමියෝ කිව්වෙ) අනික කැරම් ගහන්න පුළුවන් උනත් ලොකු නෑනා නම් මම කොහොමත් මීටිමට එන්ටර් කර ගන්නේ නෑ, නිෂේධ බලය භාවිතා කරලා හරි පැත්තකින් තියා ගන්නවා, මේකිත් එක්ක බෑනේ, සීන් එකට එන්ටර් උන ගමන් පටන් ගන්නවනේ අරය ගැන හින්ට් ගහන්න, ඒ විතරක් නම් මදෑ, අක්කා ආව ගමන් ලොකු අයියා එකෙක්ව කොහොමත් හලනවා, 4 දෙනාටනෙ කැරම් ගහන්න පුළුවන් එක සැරේ,  ඒ හැම සැරේම අයින් කරන්නේ චූටි මල්ලිවමනේ මේ යකා, :( ඊටපස්සෙ ඉතින් බලන් හිටපන්කො ලොකු නෑනගේ නල්ල මලේ තොතලෙයි, මට ගහන හින්ටුයි, :P ඒ මොනා උනත් අපෙ අම්ම්යි නංගිලයි ගාවට මං ආදරේම කාන්තා චරිතය තමා ලොකු නෑනා, කැරම් ගහද්දි මාව කැපිල්ලයි, එයාගේ නංගි ගැන කිය කිය මාව බ්යිට් කෙරිල්ලැයි ඇරෙන්න ලොකු නෑනා 200% ක්ම නිකන් අම්මා කෙනෙක් වගේ. ඒකත් පිලිගන්න එපැයි!!!!
හරි දැන් චූටි මල්ලි ලෑස්ති වෙන්නේ චූටි මල්ලි සහ සහෝදරයෝ සමාගමේ විධායක මණ්ඩලේ  ගත් තීන්දු 
තීරණ පිලිබදව ඔය ගොල්ලො දැනුවත් කරන්නයි,

01. ADSL සම්බන්ධතාවය සීම රහිත unlimited සබදතාවයක් දක්වා වැඩිදියුණු කිරීමටත්, මාසික බිල් පතෙහි සම්පූර්ණ බර පැන  තාත්තාට බැර නොකර, අම්මාට නොදැනෙන සේ ලොකු අයියගේ පොකැට්ටුවෙන් ලැබෙන ප්‍රතිපාදන මත පියවීමටත් තීරණය කෙරිනි.

02.මද්දු අයියාගේ යෝජනා ස්ථිරත්වයෙන් සමාගම භාවිතා කරන ආතා මොඩෙල් මොනිටරය වෙනුවට සුපිරි LCD මාදිලියේ මොනිටරයක් මිලදී ගැනීමට මුදල් ලබා ගැනීම සදහා තාත්තාට කන්නලව් කිරීමේ වැඩසටහනක් සමාගමේ සියළුම සාමාජිකයින් සහභාගී කරගෙන දියත් කිරීමට සියළු ක්‍රියාමාර්ග ගැනුනි.

03.චූටි මල්ලිගේ බලවත් ඉල්ලීම මත, පොඩි අයියාගේ අන්තර්ජාල ව්‍යාපාරික  දැනුම හා ඔහුගේ අනුදැනුම යටතේ, චූටිමල්ලීගේ බ්ලොග් අඩවිය අන්තර්ජාලයේ ඔහුගේම ඉඩකට ගෙන ගොස් ඔහුටම කියාවෙබ් ලිපිනයක් මිලදී ගැනීමටද යෝජනා විය.මේ සදහා මුදල් සොයා ගැනීමට චූටි මල්ලිගේ බ්ලොග් අඩවියේ වෙලද දැන්වීම් පලකර, පාඨක ඔබතුමන්ලා හට කැමති නම්  පමනක් ක්ලික් කර අරමුදල් තර කරන ලෙස ඉල්ලා සිටීමටද යෝජනා විය. (සමාගමේ අධ්‍යක්ෂක ලොකු අයියාට මෙම යෝජනාව ගැන අල්පමාත්‍රයක දැනුමක් නොමැති මුත් ලොකු නෑනාගේ පැහැදිලි කිරීම මත ගොනා සේ ඔලුව වනා සහය පල කර සිටියේය. )

චූටි මල්ලිට අදාල  තීන්දු තීරණ නම් එච්චරයි

ඊයේ හවස ඉදන් චූටි මල්ලි කල්පනා කලේ කොහොමද චූටි මල්ලිගේ බ්ලොග් අඩවිය තව තවත් පාඨක
ඔයාලා අතරේ ජනප්‍රිය කරවන්නේ කියලා,

ඒ පිලිබද ඔයාලගේ  අදහස්, යෝජනා, දැනමුතුකම්, අවවාද, මග පෙන්වීම් චූටි මල්ලි සාදරයෙන් පිලි ගන්නවා!!! 

ඒ වගේම චූටි මල්ලි කල්පනා කලා, චූටි මල්ලිට වෙච්චි ලොවෙත් නැති සිද්ධි පිලිබදව බ්ලොග් අඩවියෙන් පාඨක ඔයාලව දිනපතා දැනුවත් කරලා, ඔයාලව පුල් සොමියෙන් තියන්න,

මල පැන්න වෙලාවට, දුක හිතුන වෙලාවට, කම්මැලි වෙලාවට, පාඩම් කරන කොට නිදි මත වෙන වෙලාවට, ෆේස්බුක් එකේ කෙල්ලෙක් ඔන්ලයින් එනකම් බලන් ඉන්න වෙලාවට, කරන්න කිසිම දෙයක් නැතුව එකම පොත් , පත්තර මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි කියවන වෙලාවට, ෆිල්ම් එකක් සිංදුවක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා ඔහේ බලන් ඉන්න වෙලාවට, ස්කෝලේ කම්පියුටර් පීරියඩ් එක වෙලාවට, ඉන්ටනෙට් කැෆේ ගිහින් වල්පල් බලන්න කාලය නාස්ති කරන වෙලාවට,

 එන්න චූටි මල්ලිගෙ බ්ලොඩ් අඩවිය පැත්තේ, ඇවිත් කියවලා රසවිදලා, පුල් සොමියෙන් යන්න, සමාවෙන්න යන්න නෙමේ ගිහින් ආපහු එන්න !!!



Tuesday, March 8, 2011

චූටි මල්ලි නැවතත් ගේමට බසී

බුදු අම්මේ.........................

ගහක් ගලක් වගේ හිටිය බුදු මොඩම් දෙයියෝ, මොකක්ද මේ කර ගත්තේ???? කව්ද දැන් මාව වෙනදා වගේ හිතුන හිතුන වෙලාවට ඉන්ට්නෙට් කනෙක්ට් කරන්නේ????? කව්ද දෙයියනේ මෙහෙම දෙයක් කරගනී කියල හිතුවේ???? ඉන්න තැනකට මාත් අරන් පල මයෙ අම්මා!!!!!!!!!!!!!!  ඉදලා වැඩක් නෑ මයෙ රත්තරන්.................................................

ඔය ගොල්ලෝ දුක් වෙන්න එපා, මං හිත හදා ගත්තා, මෙහෙම ඇඩුවෙ මීට මාස හයකට ඉස්සෙල්ලා චූටි මල්ලි, දැන් චූටි මල්ලි හිත හදාගෙන ඉන්නේ, මොඩම් රාජයා මාව දාලා ගියාට මොකෝ ඒ තැන පුරවන්න ADSL රවුටර් රාජයෙක් ඇවිල්ලයි ඉන්නේ..............................

ඔය ගොල්ලෝ හිතනව ඇති චූටි මල්ලි මහ චපල කොල්ලෙක් කියලා, මොනා කරන්නද ඉතින් පිච්චුන මොඩම් එකට හැමදාමත් අඩන්න බෑනෙ, ඒ හින්දා මං මාස 6 ක්ම අඩලා අඩලා ගෙන්න ගත්තා මගෙ තනි නොතනියට ADSL රවුටර් එකක්, අම්මෝ හිතාගන්න පුලුවන් නේද,
 ඉන්ටනෙට් යන්න විදියක් නැතුව චූටි මල්ලි කොයි තරම් හිතින් විද වන්න ඇත්ද කියල???
දවස් කීයක් නම් කොට්ටෙත් බදාගෙන අඩන්න ඇත්ද කියලා???

එක පැත්තකින් මගේ බ්ලොග් එකට ආස කරන, නිතර ඇවිත් යන ඔයගොල්ලෝ මතක් වෙලා, පපුව හෝස් ගාල යනව,
තව පැත්තකින් මං ආදරය කරන ෆේස්බුක් කෙලිපැංචියෝ ටික මතක් වෙනකොට බඩ පපුව දනවා.

අතහැරියෙ නෑ චූටි මල්ලිත් බලපොරොත්තු, ADSL අරගෙන නොදී ඉන්න බැරි තැනටම වැඩ කෙරුවා (ඇත්තටම කිව්වොත් නාහෙන් ඇඩුවා)


මං මේ මොහොත අවස්ථාවක් කර ගන්නවා, ADSL ඉන්ටනෙට් සබදතාවයක් ගැනීම සදහා මට විශාල සහයෝගයක් දුන්න..............

ලොක්කි නංගි, චුට්ටි නංගි,පොඩි අයියා, මද්දු අයියා, මගේ ලොකු නෑනා (ලොකු අයියගේ අක්කා) , සහ මුවින් නොබැන මද්දු අයියාගේ උපදෙස් පරිදි සම අනුග්‍රහය ලබාදුන් අපේ අම්මා ඇතුළු, වචනයකින් හෝ උදව් කල මෙකී නොකී සියළු දෙනාටම
මාගේ හද පිරි ස්තුතිය පිරි නමන්නට............................................ බොහෝම ස්තුතියි!!!

තාම තියෙනවද???   සින්ඩියෙන් අයින් කරලවත්ද???      කමෙන්ට් තිබ්බ ගානමද දන්නේ නැහැ??? Followers ලා  අඩු ගානේ දෙන්නෙක්වත් වැඩි වෙලාද???


දාහකුත් එකක් නානප්‍රකාර ප්‍රශ්න මැද්දේ චූටි මල්ලි මල්ලි වෙබ් බ්‍රව්සරේ උඩ ඇඩ්‍රස් බාර් එකේ ගැහුවා, chootymalli.blogspot.com කියල, මෙන්න දෙයියනේ ලෝඩ් වෙනවා චූටි මල්ලිගෙ පණ,
බ්ලොග්ස්පොට් චූටි මල්ලිව අමතක කරල නෑ එහෙනම්?????


චූටි මල්ලි ඇහේ කදුලුත් පුරෝගෙන කියෙව්ව බ්ලොග් එකේ තියෙන අකුරක් නෑර සේරම.......... 



නෑ නෑ!!! දකින දකින හැම දේටම අඩන්න තරම් චූටි මල්ලි බොලද නෑ, ඒ වුනත් මොකක්දෝ මන්දා හේතුවක් හින්දා චූටි මල්ලිගේ ඇහැට කදුලක් ආව!!!
හිතේ සතුට කියාගන්න බෑ, ලොකු නෑනත් ලග, සුවර් එකටම හිතන්න ඇති මට පිස්සුය කියල,
හුටා දැනුයි මතක් උනේ, නෑනා මට පිස්සුය කියල හිතුවොත් ඔක්කොම මගෙ ප්ලෑන්ස් වතුරෙනෙ???? 



චූටි මල්ලි ට්‍රයි කරන්නේ ලොකු නෑනගේ පොඩිම නංගිටනෙ, සුපිරි කෙල්ල ආ.........
ආයිත් නෑ ඇඩෙනවා, මගදි දැක්කොත් එහෙම ගෙදර ගෙනියන්න හිතෙනවා, පිස්සු හැදිලා ආපහු හැදෙනවා, මොලේ විකාර වෙනවා, ඇගේ ගෑවුනොත් කාරිය ගෑවුන පැත්තට අංශබාගේ හැදෙනවා.........................!!!



"ඔය ගොල්ලන්ට කියන්න ගමේ කෙල්ලන්ට මෙච්චර ඇස් ගහන චූටි මල්ලිටත් , එයා කෙලින් බැලුවම ඇහැ නිකන් කෙවෙනව කෙවෙනවා වගේ, හිතා ගන්ට පුලුවන්නේ කොහොම කෑල්ලක්ද කියල??????? අම්මියෝ මතක් වෙනකොටත් ඇග පුරාම හිරියක් යනවා............................... "

අම්මෝ හිත ගිය දුර..................... 



චූටි මල්ලි ෂේපර් එකේ බැලුවා ලොකු නෑනා දිහා....... මෙන්න බොලේ මේකි කීචොක් හිනාවක් දාගෙන මොනිටරේ දිහා බලන් ඉන්නවා,

"බොරුනෙ චූටි මල්ලි කියන්නේ??? මේක ඔයා හදපු එකක් නෙමෙනේ??? මාත් මෝඩි වගේ ආවා මෙච්චර වැඩ තියෙද්දි  මහ ලොකු බ්ලොග් එකද මොකක්ද බලන්න!!! මෙයාට එච්චර වැඩක් පුලුවන්නම් නම් බැරියෑ!!!           

මෙන්න බොලේ එහෙම කියාගෙන යන්න ගියා ලොකු නෑනා!!!

"යනවා හලෝ යන්න, මෙව්වා තේරෙනවද කොහෙවත් යන රට එලිච්චියන්ට???? හැබැයි අපරාදේ කියන්න බෑ අපෙ ලොකු අයියත් අවුරුදු ගානක් තිස්සේ පස්සෙන් ගිහින් හොය ගත්ත එකටත් තියෙන්නෙ උගේ මොලේම තමා, පොඩ්ඩක් ඉන්නවකෝ තමුසෙලා දෙන්න සෙට් කරන්න මං ඒ කාලෙ කල ගොන්කම් ඔක්කොම ලියලා පෝස්ට් එකක් දානකම්, එතකොටවත් තේරෙයිනේ ගොන් මොලේට මේ බ්ලොග් එක කාගෙද කියල??????????"       

චූටි මල්ලිත් අතහෑරියෙ නෑ ගේම, ගෞරවය පිලිබද ප්‍රශ්නයක් හින්දා, රිටර්න් එක දුන්නා ආයි නෑ ඇඩෙන්නම

"ආහ්හ්හ්හ්හ් ඇත්තද?????? මට දැන් දැන් පේනවා ගොන් එලිච්චියෝ දාගන්න ලොකු අයියා ඒ කාලේ කරපු ගොන් කම්, මල්ලි බබත්, දැන් දැන්  කරන්න පටන් ගෙන කියලා, බලමුකෝ බලමුකෝ මල්ලි!!!!!!!!!!!!!!!"

හුටා වැඩේ මාට්ටුවත්ද??? නිකන් කනට ගැහුව වගේ!!!!! 

එකී ලොකු අක්කට, මං පස්සෙන් එනව කියල කියලවත්ද??? 
මාර කෙලිය, නෑනා අම්මට කියලද දන්නේ නෑ දැනටමත්,??? 
ඒකි නෑනට මං පස්සෙන් එනව කියල කියන්න ඇත්තේ  මට කැමති හින්දද????
 නැත්තම් වෙන කොල්ලෙක් ඉන්න හින්දද ??? 
චූටි මල්ලි මොන වැඩේ කලත් මගදි හුටස් වෙනවනෙ????? 


ෂික් දවසම සවුත්තුයි, මේකිට වෙන කොල්ලෙක් ඉන්නව නම්....................................


 චූටි මල්ලි හිත හදාගෙන , 
ජීවිතේටම බදින්නේ නැතුව , 
බ්ලොග් එක කරගෙන පාඩුවෙ ඉන්නවා!!!!!!


එතකොටවත් තේරෙයිනේ අක්ක නගෝ දෙන්නට මේ චූටි මල්ලිගේ වටිනාකම........................................




අපේ ගොන් අලියා (ලොකු අයියා) නිකමටවත් අහන්නෙ නෑනේ, 
අනේ බං අක්කට ඔච්චර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා, උඹට නිකටමවත් ආස හිතුනෙ නැද්ද කියල????? පට්ට කෑල්ලක්නේ හරි යන්න හරි, නොයන්න හරි කැමැත්ත අහපන් මං ඕන සපෝර්ට් එකක් දෙන්නම්ය කියල??????  


ඕක තමා කියන්නේ වැඩිහිටියන්ට පොඩිහිටි කාලෙ කරපුවා, ලොකුහිටි උනාම අමතක වෙනවා කියලා. 



මොකෙන් මොක උනත් මේ චූටි මල්ලිගේ බ්ලොග් කෙරුවාව ආයෙත් නවත්වන්න , චූටි මල්ලිටවත් බෑ!!!

චූටි මල්ලි නැවතත් ගේමට බසී

චූටි මල්ලි ගැනත්, චූටි මල්ලිට වෙන එව්වා ගැනත් දැන් ගන්න, චූටි මල්ලිගෙ බ්ලොග් අඩවිය පැත්තෙ එන්න, නැත්තම්, chootymalli.blogspot@gmail.com  ලිපිනයට ඔය ගොල්ලන්ගේ ප්‍රශ්න කාරිය යොමු කරන්න. 


හමේ රාහී ප්ය්‍යාර් කේ, පිර් මිලේන්ගේ චල්තේ චල්තේ

Wednesday, August 25, 2010

මොකක්ද මේ උනේ, හීනෙකින් වත් හිතපු දෙයක්ද, WORD PRESS දෙයියෝ!!!!

ආයුබෝවන්ට!!!
 මං ආපහු ආවා ඔයගොල්ලෝ හම්බ වෙන්න.දානෙන් පස්සේ ඇගට මාර අමාරුයි; නිදි මැරිල්ලයි,  බර ඉස්සිල්ලයි හින්දා. ඒත් ඒ ඔක්කෝම දෙපිටින් ගියා මං පෙරේදා බ්ලොග් එකට ආවයින් පස්සේ " මෙන්න දෙයියනේ 15 දෙනෙක් චූටි මල්ලිගෙ යාලුවෝ වෙලා, තව කමෙන්ට් 19ක් තියෙනවා !!!!" මටම අදහගන්න බැරිව ගියා මං මේ දකින්නේ හීනයක්ද කියල, බ්ලොග්ස්පොට් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියල හිතාගෙන මං page එක refresh කලා. මෙන්න හත්දෙයියනේ ආපහු වැටිල තියෙනව කමෙන්ට්ස් 19යි කියලා, තව පාරක් refresh කලා, ඒත් කමෙන්ට්ස් 19 යි!!!!!!! 
ඊට පස්සේ මං බැලුවා මොනාද දෙයියනේ මේ කමෙන්ට්ස් කියලා, ප්‍රතිචාර නම් උපරිමයි !!!! ආයෙ නෑ මගෙ බොක්කටම වැදුනා, ඇග පුරාම නිකන් කිචියක් වගෙ ගියා, ඒ හැගීම නිකන් විස්තර කරන්න බැරි හැගීමක්. ම්ම්ම්ම්ම්.......... කොහොමද මං ඒක ඔයගොලන්ට විස්තර කරන්නේ...............!

හරි! නිකන් මෙහෙම හිතන්න ගමේ ඉන්න ලස්සනම කෙල්ල ඔයාගේ පස්සෙන් ඇවිත් කැමැත්ත අහනව කියලා, ඔයගොලන්ට කොහොමද දැනෙන්නෙ?  අන්න ඒ වගේ හැගීමක් තමා මටත් නිකන් පපුව හරියෙ කිචියක් වගෙ ආවේ!!!

මාත් මහ මෝඩයෙක්, චූටි මල්ලිගේ බ්ලොග් එක කියවන්නේ පිරිමි පාර්ශවය විතරයැ, ඇයි දෙයියනේ සොබාදම් මාතාවගේ සුන්දරම අහිංසකම නිමැවුම; ස්ත්‍රි පාර්ශවය!!!!!!!!. අන්න ඒ ගොල්ලෝ තරහ නැතිව මේ උදාහරණය බලන්ට......

ගමේ ඉන්න ලස්සනම කොල්ලා ඔයාගෙ පස්සෙන් ඇවිත් කැමැත්ත අහනවා කියලා හිතන්න , කැමැත්ත අහලා පහුවෙනිදා ම මේ යකා අම්මලා, තාත්තලා එක්ක ඔයාව බලන්න ගෙදර එනව කියල හිතන්න. ඔයාට  ඒ යකාගෙ දෙමව්පියෝ ඉස්සරහට යන්ට ඉස්සර දොර ගාවදී මොනා හිතෙයිද? අන්න හරි! මටත් ඒ වගේ හැගීමක් තමා ඇතිවුනේ.

ඒ තරමට මට සතුටුයි. ආයි නෑ මං හිතා ගත්තා මැරෙනකම් චූටි මල්ලිගේ බ්ලොග් ලිවිල්ල අත හරින්නෙ නෑ කියලා, අම්මපා!!!!

සතුට වැඩි කම හින්දම මං හිතුවා චූටි මල්ලිගේ බ්ලොග් එක කියවන්න එන ඔයගොලන්ට, චූටි මල්ලිගෙ බ්ලොග් එක තවත් ප්‍රියමනාප තැනක් කරන්න, තවත් ලස්සන කරන්න ඕනේ කියල!!! එහෙම හිතල මං දැම්ම අන්තර්ජාලේ පොඩි සෙවිල්ලක් ලස්සන ලස්සන බ්ලොග් සෙවීමෙ අරමුණින්. මෙන්න බොලේ එනවා එක එක වෛවාරන මෝස්තර තියෙන බ්ලොග් අඩවි, දැක්කම ආසාවෙ බෑ, 

"චූටි මල්ලී........... චූටි මල්ලී........."

කව්දෝ එකෙක් මිදුල පැත්තේ ඉදන් බෙරිහන් දෙනවා. මං එච්චර ගනන් ගත්තෙ නෑ, 

ලස්සන බ්ලොග් බල බල උන්නා, පිස්සු හැදෙනව පෙලක් බ්ලොග් බලනකොට, එව්වයි තියෙන අයිකන් එහෙම නිකන්..... අම්මෝ මතක් වෙනකොටත් අර කිචිය එනවා.

 ඔන්න ඔය අතරෙ අර මං කිව්ව, මිදුල පැත්තෙ ඉදන් බෙරිහන් දෙන එකා; ඉස්සෙල්ලටත් වඩා හයියෙන්  බෙරිහන් දෙනවා, 

"චූටී මල්ලී.......... චූටි මල්ලී...... ටක් ගාලා එනවකෝ" 

මං තව තව බ්ලොග් බලන ගමන් හිතුවා කවුරු වෙන්න ඇතිද මේ කෑගහන්නේ කියලා , 

ම්ම්ම්ම්ම්...... කටහඩ නිකන් මද්දු අයියගේ වගේ.....

නෑ වෙන්න බෑ මිනිහා ට්‍රිප් එකක් ගිහින්නේ ගමේ කොල්ලොත් එක්ක කතරගම!
නැත්තම් මේ පොඩි අයියද? උගෙ කටහඩත් පොඩ්ඩක් මේ වගේ තමා, කාටද යකෝ කටහඩ අදුන ගන්න පුලුවන් මේ බෙරිහන් දෙන් බෙරිහන් දිල්ලට? 
මං ඉතින් අනේ ඕන එකෙක් කෑගහපුවාවෙ මට මොකෝ කියලා තව වෙබ් අඩවියකට ගියා, ඒකෙත් තියෙන්නේ පිස්සු හැදෙන එව්වා, පිස්සු හැදිලා ආපහු පිස්සු හැදෙන එව්වා!!!

මෙන්න එක පාරටම අපේ අම්මා කාමරේට එබිලා කියනවා,
 "ආ........ මං හිතුවා මේකෙ වෙන්න ඇති කියලා, පොතක් පතක් ඇල්ලිලක් නෑ, දවසම මේකෙ, ඇස් දෙක පොට්ට කර ගෙනයි නවතින්නේ, තාත්තන්ඩිත් ගෙනාව හොද යන්තරයක් පුතන්ඩියට" ,
 "අර ගිහින් බලනව පොඩි අයියා කෑ ගහන්නේ මොකද කියල, දැන් කොයි වෙලාවෙ ඉදන්ද අඩගහන්නේ"

 "ආ ඒ පොඩි අයියාද? මං හිතුවෙ පාරෙ යන එකෙක් කෑගහනව කියල" 

කියල බොරුවකුත් කියාගෙන මොනිටරෙත් ඕෆ් කරගෙන පැන්නා මිදුලට, මොනිටරේ මොනවත් පේන්න නැති නිසා අම්මා ප්ලුග් එකෙන් අදින එකක් නෑ.
සද්දේ ඇහෙන්නෙ නම් ගෙයි දකුණු පැත්තට වෙන්න, මගෙ කාමරේ තියෙන්නෙ වම් පැත්තේ, මං ඉතින් ටක් ගාල සද්දේ එන පැත්තට ගියා

මෙන්න බොලේ පොඩි අයියා,  අපේ ගෙදර තියෙන ඇන්ටෙනාවයි, ඒක හයි කරලා තියෙන අලි දඩ සයිස් යකඩ කනුවයි බාගෙට උස්සන් ඉන්නවා!!!!, මිනිහට නස් වෙන්න දාඩියත් දාලා, ඒ මදිවට දත් මිටිත් කනවා!!! මූ මං දැක්ක ගමන් බැනගෙන බැනගෙන ගියා

"කොහෙද යකෝ ගිහින් හිටියේ? මං මෙතන පැය බාගයක් තිස්සේ කෑ ගහනවා, උඹට  මැච් එක බලන්න ඕන නැද්ද යකෝ, මෙතනට ඇවිත් මේක අල්ලපන්" 

"මට ඇහුනෙ නෑ ඕයි, අම්මා ඇවිත් කිව්වමයි දැන්ගත්තේ, පොඩ්ඩක් ඉන්නවා කෑගහන්නේ නැතිව, අපෝ තමුසෙට බෑනෙ ඕයි  මේකවත් තනියෙන් උස්ස ගන්න. මහ ලොකුවට ජිම් නම් යනවා"

කියලා කින්ඩියකුත් දාගෙන මං දුන්නා සප් එකක් ඒක උස්සන්න. මූත් දාඩිය දාගෙනම ඉස්සුවා ඒත් තරහ නිවුන පාටක් නෑ. මං දන්නවනේ පොඩි අයියාගෙ හැටි මං දුවන්න බලාගෙන කනුව කෙලින් කලා. හිතුවත් වගේ මූ මේක කෙලින් කල ගමන්ම එලෙව්වනේ පස්සෙන්, මං රෙඩි පිට හිටිය හින්දා හොදට ගියා. මිදුල වටේ දුවල කුස්සිය පැත්තෙන් ගේ ඇතුලට ඇවිත් අපහු සාලෙ දොරෙන් එලියට පැනල කෙලින්ම දිව්ව වත්ත පහලට, හොද වෙලාවට මුට මාව අල්ලගන්න බැරිව ගියා ඒත් තවමත් පස්සෙන් එලවනවා..... බැරිම තැන මං මහන්සි වැඩි කමටම නැවතුනා!

නැවතිල බැලුව පස්ස මේ යකා ලගටම ඇවිත්!!! අල්ලගත්තොත් නම් මූ මට අද හොදටම නෙලනව, මොනාද කරන්නේ...................
හරි! මතක් උනා, "තමුසෙ මට ගැහැව්වොත් එහෙම සදමාලි අක්කගේ ඔක්කොම සීන් ටික මම ගිහින් කියනවා තාත්තට" 
මෙන්න යකෝ මට ගහන්න මාරය වගෙ දුවන් ආපහු එකා පූස් පැටිය වගෙ මාව අල්ලල ඔලුවට පොඩි ෂොට් එකක් දීලා කියනවා " තෝ අද බේරුනා කියල හිතා ගනින් හරි, අහුවෙයන්කො අපහු දවසක!!!" කියල ආපහු හැරිල ගියා, හි හි ඒ යකා කොහෙද මට ගහන්නේ?

එතකොටමයි මට මතක් උනේ මගෙ ලස්සන බ්ලොග් ටික, ආපහු රූන් ගාල දුවල ගියා කාමරේට, අම්මා ප්ලග් එක ඇදලා නෑ හොද වෙලාවට , මොනිටරේ ඔන් කරල ඉතුරු ටිකත් බැලුවා, ..............

ඔහොම බලන් යනකොට මං නිරීක්ෂනය කරපු එකක් තමා ගොඩක් ලස්සන බ්ලොග් හදලා තියෙන්නෙ Word Press කියල එකකින් හැම එකේම වගෙ යටීන් ගහල තියෙනව powered by Word Press කියලා.


Word Press!!! මොකක්ද මේ Word Press ? මං මුලින්ම අහල තිබුනට විස්තර දැනගෙන හිටියේ නෑ, ඊට පස්සෙ සිංහල බ්ලොග් කියවනයට ගිහින් ඉන්නකොට දැක්කා ගීත් අයියාගේ බ්ලොග් එකේ ඒ ගැන විස්තර තියෙනවා. මං ඉතින් ඒ ගැන කියවලා දල අදහසක් ගත්තා මොකක්ද මේ Word Press කියන්නෙ කියලා. මාත් ඉතින් Word Press අඩවියට ගිහින් බෑවා Word Press. මෙන්න යකෝ ආවා සෙටප් ෆයිල් එකක් වත් නැති අටපට්ටම් ෆයිල් ටිකක්, මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. පස්සේ මං ගිහින් බැලුවා Word Press අඩවියට මේ ලබ්බ ඉන්ස්ටෝල්  කරන හැටි දාලද බලන්න,

එතන තියෙනව Famous 5 minute  install කියල මේක ඉන්ස්ටෝල් කරන හැටි, පුදන කොටම කාපි යකා!!! මොනාද මන්ද අන්ඩර දෙමල ටිකක් තියෙනව මොකක්ද මේ MySQL  කියල එකක් ගැන, තව මොකක්ද ෆයිල් එකක් රී නේම් කරපන්ලු. මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ!!!
තවත් හොදට කියවනකොට මට තේරුනා මං මේ නිකන් හදන් ඉන්න බ්ලොග්ස්පොට් අඩවිය Word Press එකෙන් නඩත්තු කරන්න බැරි විත්තිය. ඒකට මගේ බ්ලොග් එක මගේම ඩොමේන් එකකට අරන් ගිහින් මටම කියල වෙබ් හෝස්ට් කරන තැනකට කියලා ඉඩකුත් ගන්න ඕනෙ කියලා.

මං සැලුනෙ නෑ , අනේ නල්ල මලේ Word Press , ඔය ලබ්බ නෑ කියල මං බ්ලොග් එකක්  හැදුවෙ නැද්ද, මං බ්ලොග් එක Blogger  ගිහින් හදද්දී ඔය  මගුල ගැන අඩු ගානෙ අහලවත් තිබ්බ‍යැ? ඉතින් දැන් මොකටද? 
  ඉතින් මං අර බ්ලොග් වල තිබ්බ ලින්ක් වලට ගිහින් හොද ලස්සන Template ටිකක් බාල අප්ලෝඩ් කලා Blogger වලට .......
මෙන්න බොලේ අප්ලෝඩ් කරපු එකක් වත් Blogger වලින් මට ඕන විදියට edit කරන්න බෑ, ඔක්කොම රුවිතෙට!!! පොස්ට් එකේ අකුරු කියවන්න බැරි තරම් පොඩියි, එව්ව ලොකු කරන්න තියා මොනවත් කරන්න බෑ 

මගේ බලාපොරොත්තු, හීන ඔක්කොම එක මොහොතෙන් සුනු විසුනු වෙලා ගියා! මට ඔක්කොම එපා උනා! බ්ලොග් එකත් දමල ගහල යන්න හිතුනා! මං නිකන් එකම තැන හිර වෙලා වගේ දැනුනා! මං ඉතින් දුකටමත් එක්ක අර ලස්සන බ්ලොග් ටික ආපහු බලන්න ගත්තා, ඉවසන්න බෑ අර ලස්සන අයිකන් එහෙම දකිනකොට පපුව හෝස් ගාල යනවා!!!  

මට එපා වෙලා මංම ප්ලග් එකෙන් ඇදල කම්පියුටර් එක ඕෆ් කරල දැම්මා, පැයකට දෙකකට පස්සෙ  ඔයගොල්ලො කරපු කමෙන්ට්ස් මතක් වෙලා, ඔයගොල්ලෝ හින්දම  පස්සෙ ආයෙ ලොග් වෙලා හිත හදාගෙන මේ පොස්ට් එක දැම්මා ඔයගොලන්ට කියවන්න, හිත හදාගත්තා උනත් තාමත් හිත ඇතුලෙන් චූටි මල්ලි අඩනවා...........

මොකක්ද මේ උනේ, හීනෙකින් වත් හිතපු දෙයක්ද,  WORD PRESS දෙයියෝ!!!!

Tuesday, August 24, 2010

දෙනවනම් මෙන්න දාන - නවගමුවේ පත්තිනි දේවාල මහා දානය

අපේ තාත්තා, තාත්තාගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයාගේ ඉදන් දෙන දානයක් තමා නවගමුව දේවාලේ මහා දේව දානය, ආයේ නෑ හදනව දැක්කම පිස්සු හැදෙනවා, බෙදනවා දැක්කම ඊට වැඩිය පිස්සු හැදෙනව. ඒ තරම්ම ලොකු දානයක්. දානෙට හාල් කිලෝ 50 මිටි 15ක් උයනවා, ව්‍යාංජන 3ක් හෝ 4ක්, පොල් ගෙඩි 500ක් ගානවා. උයන්න පාවිච්චි කරන කල්දේරම් සාමාන්‍ය මනුස්සයෙක් බැහැලා නාන්න තරම් ලොකු එව්වා. දානෙ උයල ඉවර වෙන්නම යනව පැය 10ක්.

මෙදා සැරේ අපේ තාත්තා දුන්නේ 20 වෙනි දානේ, ඒ කියන්නේ තාත්තා, සීයට පස්සේ අවුරුදු 20ක් තිස්සේ මේ මහා දේවාල දානේ නොකඩවා කරගෙන එනවා. මේ විදියට එක දිගට කරන එකත් සුලුපටු වැඩක් නෙමේ. දැන් මේ මම හදන්නේ මෙදා සැරේ අපි දානේ දුන්නු හැටි කියන්නයි.............

මෙදා සැරේ අපි  හිතුවා ව්‍යාංජන ජාති 5ක් ම දෙන්න. අපි හිතුවා කිව්වට අපිමත් නෙමේ, තාත්තගේ තනි තීරණේ, හිතුනොත් හිතුනා ආයේ ඒක වෙනස් කරන්න ශක්‍රයාට වත් බෑ. කොටින්ම කියනවනම් අපේ අම්මටවත් වෙනස් කරන්න බෑ!!! දුන්නේ වට්ටක්කයි, මඤ්ඤොඤ්ඤායි, ඇබරැල්ලයි, කරෝලයි, පොල් සම්බෝලයි. ව්‍යංජන වල, නම් දැක්කම හිතන්න එපා මේක නිකං පොඩි පහේ සෙල්ලමක් කියල.

දානේ තිබ්බේ 22 ඉරිදා, මම මේ ලිපිය ලියන දවසට ඉස්සෙල්ලා දවසේ. මුලින්ම තියෙන වැඩේ තමා දානෙට එලවළු තුන පහ ජාති ගේන එක, එව්ව ඉතින් ඔක්කොම ගේන්නේ කොළඹින්. ගෙනල්ලා ගෙදර අහුරලා තියනවා. ඊලගට කැන්ද කොලයි, නෙලුම් කොලයි හොයන්න ඕනා. එව්වා මොකටවත් නෙමේ දානේ බෙදන්නේ එව්වට, කොලෙන් ගොට්ටක් හදලා ඒකට තමයි කෑම බෙදා ගන්නේ. එහෙම කනකොට පොඩි ආතල් එකකුත් තියෙනවා.

ඔය ඔක්කොම ලෑස්ති කලාට පස්සේ ලොකු අයියා මද්දු අයියා පොඩි අයියා එහෙම බහිනවා සෙනග හොයන වැඩේට. සෙනග කියන්නේ දානෙට උදව් වෙන්න කට්ටිය; එලවලු කපන්න, පොල් ගාන්න, උයන්න වගෙ නානාප්‍රකාර වැඩකරන්න. වැඩියෙන්ම බහින්නේ කොල්ලෝ තමා අපේ අයියලාගේ ගැන්සි! තව අපේ තාත්තගේ හිතවත් කට්ටියයි, නෑදෑයොයි ඔක්කෝම වගේ මේ වැඩේට සම්මාදම් වෙනවා. ඒ කියන්නේ සෙනසුරාදා රෑ (දානේ දෙන දවසට ඉස්සෙල්ලා දවසේ රෑ) කට්ටිය ඔක්කොම 100ක් 150ක් එකතු පහදු වෙනවා.

දානේ උයන්නයි බෙදන්නයි මහ විශාල ශාලාවක් තියෙනව දේවාල භූමියෙම.දානෙ උයන්න අවශ්‍ය කරන භාජනත් තියෙනව ඒකෙම. ඒකට ගිහින් ඉතින් ඇබරැල්ල සුද්ද කරන්න, වට්ටක්කා කපන්න,  මඤ්ඤොඤ්ඤා කපන්න, කරෝල කපන්න, පොල් ගාන්න අපේ අයියලාගේ ගැන්සි වල උප ගැන්සි එක එක තැනට සෙට් වෙනවා. "පොල් ගාන වැඩේ තමා භයානකම වැඩේ",
නෑ නෑ විහිලුවක් කලා නෙමේ, පොල් ගොඩක් ගාන්න ඕනා හන්දා දේවාලෙ තියෙන්නේ මැෂිමක්, අතින් පොල් ගාන  එකේ වගේ මැෂිමෙන් කැර කෙන එකක් තියෙන්නෙ. අත ගියොත් ඉතින් බුදු සරණයි!!!


ඔය අතරෙ ඉතින් අපේ අයියලා දුවල පැනලා ඉන්න කට්ටියට තේ දෙනවා,ගොඩක් වෙලා හිටපු කට්ටිය ගිහින් දාලා අලුතෙන් කොල්ලෝ එක්කන් එනවා,කොල්ලන්ට මොනවද ඕනේ කියලා හොයල බලනවා. කිසිම විවේකයක් නෑ.මාත් ඉතින් පුලුවන් විදියට අයියලාට ස්පෝර්ට් එක දුන්නා. නිකන් ඉන්නත් බෑනේ අනික මට දැන් 18ක්නේ.


එලිවෙන පාන්දර උයන වැඩේ පුලුවන් දහ දොලොස් දෙනෙක් බහිනවා දානේ උයන වැඩේට. මාර බරපතල වැඩක්. මාර වගකීමක් තියෙන්නෙ ඒ කට්ටිය අතේ. වැඩේ මල් පහට කරන්නත් එපයි !!!. මුලින්ම උයලා ඉවර කරනව එක බත් කල්දේරමක්.
"දන්නවද උයන කිලෝ 750 ක බත් දාන්නේ මොකේද කියලා? "

ඇහුවොත් පුදුම වෙයි බත් දාන්න තියෙන්නෙ ටයිල් කරපු ලොකු ටැංකියකට. සුදු ටයිල් අල්ලපු ලොකු ටැංකියකට!!!
ඒකයි මං කිව්වෙ මේක පිස්සූ හැදෙන දානයක් කියලා. බත් කල්දේරම පිටින්ම දානව අර ටැංකියට, ඒක මාර පිරිසිදුවට තියාගෙන ඉන්නව දේවාලෙ උදවිය.

ව්‍යාංජනයි, බතුයි ඉරිදා දවල් 11.00 විතර  වෙනකොට හදාගෙන ඉවර කරනවා. දෙවියන්ට පින් දීලා, යාතිකා එහෙම කරල පටන් ගන්නවා ඊලගට  මං කැමතිම වැඩේ. දානේ බෙදන්න!.ආයෙත් නෑ ඉතින් එකම පිස්සු හැදෙන බෙදිල්ලක් . සෙනග උතුරන්න. දේවාලෙ දානේ කන්න; ලමයි හම්බ වෙන්න ඉන්න අම්මලා, දේවාලෙට බාර හාර වෙන්ට ආපු උදවිය, තව බර ගානක් දෙනා එනවා.හරියටම බැලුවොත් පැය 2ක් තිස්සේ එකදිගට දීලත් සෙනග අඩුවක් නෑ. ව්‍යංජන මදි පාඩු වෙන්න වෙන්න ආපහු ලිපේ තියනවා. ඒ අතරේ දානේ බෙදන්න ඉන්න අපේ කොල්ලො හිටු කියල මල් කඩනවා, ලස්සන ගෑනු පරානයක් එහෙම ආවොත් කන්න බැරි තරමට ව්‍යංජන බෙදෙනවා !!! උන්ට ඉතින් රජ මගුල්. උඩ පැන පැන දානේ බෙදන්නේ !!!

මාත් ඉතින් තාත්තා ලග පාත නැත්තම් පව් කියල හිතෙන ගෑනු ලමයෙක්ට පොඩ්ඩක් වැඩියෙන් දානේ බෙදනවා.අනික මට එහෙම කරන්න අයිතියත් තියෙනවා, මට දැන් 18 යිනේ!!!

දාන ශාලාවට  හරියටම දොරවල් 4ක් තියෙනවා තව දානෙ බෙදන්න කවුන්ටර් කවුන්ටර් දිගට තියෙනවා. දානෙ ට ඉස්සෙල්ලා අපේ කට්ටිය ඔක්කොම ඇතුලට ඇවිත් දොරවල් එකක් නෑර වහනවා. නැතුව බෑ!!! මිනිස්සු ඇතුලට ආවොත් තෙරපිලා මැරෙනවා!!!  දානේ මැදක් වෙනකොට ඉතින් එකම පොරකෑමක් තියෙන්නෙ, පොර කෑමක් කිව්වට පෝලිමෙ එන අය; වැඩියෙන් ගන්නයි, ටක් ගාල ගන්නයි තමා පොරකන්නේ. හැබැයි ඉතින් මාර ආතල්. මාර අත්දැකීම!!!


දානෙත් ඉතින් පැය ගානක් දීල දීල කොහොම හරි ඉවර කරගත්තා. ඊට පස්සේ අස් පස් කරන යුද්දෙත් ඉවර කරල කට්ටියම ගෙදර ආවා. දානේ දෙන වෙලාවට එන සෙනග දැකල ඉතින් අපේ තාත්තට  මාර සතුටුයි. මාර හැපි එකේ ඉන්නේ. අපිටත් එහෙම තමයි. හැබැයි පොඩ්ඩක් ඇගට අමාරුයි.
බොරු කියන්න ඕනා නෑනේ රැයක් තිස්සේ නිදි මරලා මාර අමාරුයි . ඒ වුනාට හිතට මාර සතුටුයි!!!

ඔහොම තමයි අපි මහා දේවාල දානේ දුන්නේ. මං කිව්වෙ දීගෙන ආවෙ ඉස්සරහටත්  දෙන්නේ. ඔය කට්ටියත් එන අවුරුද්දේ  පුලුවන් උනොත් මේ පැත්තෙ එන්න. නවගමුව පත්තිනි දේවාලෙ තමයි තැන. එහෙනම් මං මෙතනින් නවතිනවා.

Saturday, August 21, 2010

මාත් ඉතින් බ්ලොග් එකක් පටන් ගත්තා!

න්න මමත් ඉතින් පටන් ගත්තා පොඩියට පොඩි බ්ලොග් එකක්, ගමේ අපිට නම් ඉතින් බ්ලොග් එකක් කිව්වාම නිකන් අන්ඩර දෙමල වගේ, ඒ වුනත් මේ නන්නාදුනන අන්තර්ජාලෙ මට අහම්බෙන් හම්බූන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හින්දා  මාත් හිතුවා පොඩි පහේ බ්ලොග් එකක් පටන් ගත්තොත් හොදයි කියලා. ඔන්න ඉතින් හා හා පුරා කියලා අපේ ස්කෝලේ මහප්පට කියල අඩල අඩල හොද වෙලාවකුත් හදාගෙන නමෝ විත්තියෙන් පටන් ගත්තා මෙ බ්ලොග් කිරිල්ල,  මහප්ප වෙලාව නම් හදල දුන්නේ 21 උදේ 9.00 කුත් ගාන්ට ඒත් චූටි අයිය (අපේ පවුලේ 8 දෙනයි; මට වැඩිමල් අයියලා 3 දෙනයි, බාල නංගිලා 2 නයි ) කම්පියුටර් එක ගාවින් අයින් කරගන්නම ගියා පැය බාගයක් විතර එතකොට වෙලාව 09.00 යි, ඊට පස්සේ වාඩි වුනා විතරයි අම්මා බැණගෙන ආවා,

"ආ පටන් ගත්තද උදේ පාන්දරම සෙල්ලම, පොතක් පතක් ඇල්ලිල්ලක් නෑ, දවසම මෙකේ, ඇස් දෙක පොට්ට කර ගෙනයි නතරවෙන්නේ, තාත්තන්ඩිත් ගෙනවා හොද යන්තරයක් පුතන්ඩියට"

ඔන්න ඔහොම රටේ නැති බැණුම් බැනල බැනල මං එකක් වත් ගානකටවත් ගත්තේ නැති බව තේරිලා ගැලෙව්වා අතින් ඇදල ප්ලග් එක. බ්ලොග් එකට දාන්න හොද නමක් හිත හිත හිටිය මට දැන් ඉතින් ඌරු ජුවල්,

 මොනා කරන්නද ඉතින්, එතකොටම දැක්කේ මේසේ උඩ තිබ්බ ලොකු අයියගේ අත් ඔරලෝසුව මිනිහට වැඩට යනකොට ඒක අමතක වෙලා!

"අප්පට සිරි වෙලාව 09.45!!! දැන් මොකද කරන්නේ?"

 වාදෙට ගියොත් දවසම මට කම්පියුටරේ පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නැති බව දන්න හංදා කර බාගෙන ඉදලා අම්මා ෂේප් වෙන්කම් ඉදලා ආපහු දැම්මා කම්පියුටර් එක, දාල බ්ලොග් එකට නමක් හිතනකොට හිතුනා,

"මොන ලබ්බටද වෙන වෙන නම් දාන්නේ, දානව මගෙ නමම, චූටි මල්ලි කියල"

මං අපේ නංගිලා දෙන්නට චූටි අයියා උනාට වැඩි දෙනෙක්ට  වෙන්නේ චූටි මල්ලි, ඉතින් ඒ නම මගේ බ්ලොග් එකට දැම්මා. අවුලක් නෑනෙ?

වෛවාරන වෙබ් සයිට් තියෙන අන්තර්ජාලේ මගේ බ්ලොග් එකට දාපු නම ගැන ඉතින් ආයේ මොනව හිතන්නද?


ඕන්න ඔහොමයි  මටම කියල මං බ්ලොග් එකකුත් හදා ගත්තේ, නැකැත් වෙලාව කෙසේ වෙතත් ඒ කිට්ටුවට හරි වැඩේ කරගන්න කොහොමහරි හම්බ උනා, මුලින් මුලින් නම් ටිකක් අමාරු උනා මේ හැම දේම ඉංග්‍රිරිසියෙන් තියෙන හින්ද,හොද මීටරයක් තියෙන කොල්ලෙ ඒ උනත් ඒ ටික අල්ල ගන්න මට එච්චර අමාරු උනෙ නෑ. මං සාමාන්‍යයෙන් ක්!!!