සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හා එක්වීමට මෙතන ඔබන්න.

චූටි මල්ලිට Like එකක් දාලම යන්න

Wednesday, March 9, 2011

චූටි මල්ලිට ලොවෙත් නැති ප්‍රතිචාර, අපි යන්නේ කොයි පාරේ චූටි මල්ලි යන පාරේ!!!

මෙච්චර කාලයක් නිශ්ශබ්දව ඉදලත් චූටි මල්ලිට ලැබෙන ප්‍රතිචාර නම් ආයෙත් නෑ, ලොවෙත් නැති ප්‍රතිචාර !!! 

චූටි මල්ලි ඊයෙ ඉදන් ඉන්නෙ පුල් හැපි එකේ, ඊයේ පොඩි පොඩි සාටර් සිද්ධි දෙක තුනක් උනත්, සමස්තය චූටි මල්ලිට මිශ්‍ර ඵල සහිත සුබදායක දිනයක්!!! 

මොකක් ඊයේ චූටි මල්ලිට මොනාද උනේ කියල දන්නේ නෑ???? අයියෝ කියන්න එපැයි සිංහලෙන්, ඕන්න එහෙනම් මෙතනින් බලාගන්නකෝ චූටි මල්ලි සාටර් වෙච්ච සාටර් විල්ල, ඔයගොල්ලො හින්දා කියෙව්වට කමක් නෑ, වෙන කාටවත් කියන්න එපා හොදේ?????
ඊයේ රෑ නිදාගන්න ඉස්සෙල්ලා චූටි මල්ලි කැදෙව්වා කැරම් බෝඩ් මීටිමක්, චූටි මල්ලිගෙ කාමරේ, මීටිමට සහභාගී උන ඔක්කොම කට්ටිය චූටි මල්ලි සහ සහෝදරයෝ සමාගමේ විධායක නිලධාරීන්, ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන් ලොකු අයියා, මද්දු අයියා, පොඩි අයියා සහ මම (චූටි මල්ලි ) තව අපේ සමාගමේ සුළු කොටස් හිමි චුට්ටි නංගි, ලොක්කි නංගි සහ ලොකු නෑනා ( චූටි මල්ලි බලන්න ඇවිල්ල මේක කියවන ඔයගොල්ලො හිතනව ඇති චූටි මල්ලි කාන්තාවන්ට සම තැන ලබානොදෙන, පුරුෂාධිපත්‍යයට සහය පලකරන , විදේශීය අදිසි බලවේගයක දේශීය හස්තයක් කියලා, අපෝ නෑ මුන්ට කැරම් ගහන්න බැරි හින්දා පැත්තකට වෙලා බලන් ඉන්නවා, එකයි සුළු කොටස් හිමියෝ කිව්වෙ) අනික කැරම් ගහන්න පුළුවන් උනත් ලොකු නෑනා නම් මම කොහොමත් මීටිමට එන්ටර් කර ගන්නේ නෑ, නිෂේධ බලය භාවිතා කරලා හරි පැත්තකින් තියා ගන්නවා, මේකිත් එක්ක බෑනේ, සීන් එකට එන්ටර් උන ගමන් පටන් ගන්නවනේ අරය ගැන හින්ට් ගහන්න, ඒ විතරක් නම් මදෑ, අක්කා ආව ගමන් ලොකු අයියා එකෙක්ව කොහොමත් හලනවා, 4 දෙනාටනෙ කැරම් ගහන්න පුළුවන් එක සැරේ,  ඒ හැම සැරේම අයින් කරන්නේ චූටි මල්ලිවමනේ මේ යකා, :( ඊටපස්සෙ ඉතින් බලන් හිටපන්කො ලොකු නෑනගේ නල්ල මලේ තොතලෙයි, මට ගහන හින්ටුයි, :P ඒ මොනා උනත් අපෙ අම්ම්යි නංගිලයි ගාවට මං ආදරේම කාන්තා චරිතය තමා ලොකු නෑනා, කැරම් ගහද්දි මාව කැපිල්ලයි, එයාගේ නංගි ගැන කිය කිය මාව බ්යිට් කෙරිල්ලැයි ඇරෙන්න ලොකු නෑනා 200% ක්ම නිකන් අම්මා කෙනෙක් වගේ. ඒකත් පිලිගන්න එපැයි!!!!
හරි දැන් චූටි මල්ලි ලෑස්ති වෙන්නේ චූටි මල්ලි සහ සහෝදරයෝ සමාගමේ විධායක මණ්ඩලේ  ගත් තීන්දු 
තීරණ පිලිබදව ඔය ගොල්ලො දැනුවත් කරන්නයි,

01. ADSL සම්බන්ධතාවය සීම රහිත unlimited සබදතාවයක් දක්වා වැඩිදියුණු කිරීමටත්, මාසික බිල් පතෙහි සම්පූර්ණ බර පැන  තාත්තාට බැර නොකර, අම්මාට නොදැනෙන සේ ලොකු අයියගේ පොකැට්ටුවෙන් ලැබෙන ප්‍රතිපාදන මත පියවීමටත් තීරණය කෙරිනි.

02.මද්දු අයියාගේ යෝජනා ස්ථිරත්වයෙන් සමාගම භාවිතා කරන ආතා මොඩෙල් මොනිටරය වෙනුවට සුපිරි LCD මාදිලියේ මොනිටරයක් මිලදී ගැනීමට මුදල් ලබා ගැනීම සදහා තාත්තාට කන්නලව් කිරීමේ වැඩසටහනක් සමාගමේ සියළුම සාමාජිකයින් සහභාගී කරගෙන දියත් කිරීමට සියළු ක්‍රියාමාර්ග ගැනුනි.

03.චූටි මල්ලිගේ බලවත් ඉල්ලීම මත, පොඩි අයියාගේ අන්තර්ජාල ව්‍යාපාරික  දැනුම හා ඔහුගේ අනුදැනුම යටතේ, චූටිමල්ලීගේ බ්ලොග් අඩවිය අන්තර්ජාලයේ ඔහුගේම ඉඩකට ගෙන ගොස් ඔහුටම කියාවෙබ් ලිපිනයක් මිලදී ගැනීමටද යෝජනා විය.මේ සදහා මුදල් සොයා ගැනීමට චූටි මල්ලිගේ බ්ලොග් අඩවියේ වෙලද දැන්වීම් පලකර, පාඨක ඔබතුමන්ලා හට කැමති නම්  පමනක් ක්ලික් කර අරමුදල් තර කරන ලෙස ඉල්ලා සිටීමටද යෝජනා විය. (සමාගමේ අධ්‍යක්ෂක ලොකු අයියාට මෙම යෝජනාව ගැන අල්පමාත්‍රයක දැනුමක් නොමැති මුත් ලොකු නෑනාගේ පැහැදිලි කිරීම මත ගොනා සේ ඔලුව වනා සහය පල කර සිටියේය. )

චූටි මල්ලිට අදාල  තීන්දු තීරණ නම් එච්චරයි

ඊයේ හවස ඉදන් චූටි මල්ලි කල්පනා කලේ කොහොමද චූටි මල්ලිගේ බ්ලොග් අඩවිය තව තවත් පාඨක
ඔයාලා අතරේ ජනප්‍රිය කරවන්නේ කියලා,

ඒ පිලිබද ඔයාලගේ  අදහස්, යෝජනා, දැනමුතුකම්, අවවාද, මග පෙන්වීම් චූටි මල්ලි සාදරයෙන් පිලි ගන්නවා!!! 

ඒ වගේම චූටි මල්ලි කල්පනා කලා, චූටි මල්ලිට වෙච්චි ලොවෙත් නැති සිද්ධි පිලිබදව බ්ලොග් අඩවියෙන් පාඨක ඔයාලව දිනපතා දැනුවත් කරලා, ඔයාලව පුල් සොමියෙන් තියන්න,

මල පැන්න වෙලාවට, දුක හිතුන වෙලාවට, කම්මැලි වෙලාවට, පාඩම් කරන කොට නිදි මත වෙන වෙලාවට, ෆේස්බුක් එකේ කෙල්ලෙක් ඔන්ලයින් එනකම් බලන් ඉන්න වෙලාවට, කරන්න කිසිම දෙයක් නැතුව එකම පොත් , පත්තර මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි කියවන වෙලාවට, ෆිල්ම් එකක් සිංදුවක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා ඔහේ බලන් ඉන්න වෙලාවට, ස්කෝලේ කම්පියුටර් පීරියඩ් එක වෙලාවට, ඉන්ටනෙට් කැෆේ ගිහින් වල්පල් බලන්න කාලය නාස්ති කරන වෙලාවට,

 එන්න චූටි මල්ලිගෙ බ්ලොඩ් අඩවිය පැත්තේ, ඇවිත් කියවලා රසවිදලා, පුල් සොමියෙන් යන්න, සමාවෙන්න යන්න නෙමේ ගිහින් ආපහු එන්න !!!



11 ප්‍රතිචාර:

චූටි මල්ලි මාර බුලට් එකක්නෙ බැලුවාම හිහ් හිහ්............

ආ චූටි මල්ලි..........මන් එත් බැලුවා මොකෝ කියලා පේන්න නැත්තේ.....
මන් කව්ද කියලා දන්නවනෙ?
කරගෙන යමු.වරෙන් මගේ එක පැත්තේ.මන් රශොද්

ආ..... එල එල වැඩේ දිගටම කරගෙන යමන් අපිට දෙන්න පුලුවන් සප් එක මේක කියවල කොමෙන්ටුවක් දාන එක අපි කරන්නම්කෝ බොක්කෙන්ම චූටි මල්ලි.........

Dasith NCCU

අයියාගෙ සහොදර සමගමෙ ප්ලැන් ටික ඉක්මනින් ඉටුවෙන්න කියල මෙන්න මම බොක්කෙන්ම ප්‍රාර්ත්තනා කරා

අයියාගෙ පවුලෙ කස්ටිය ෆන් එකෙ ඉන්නව වගෙ.එලම තම්යි

මරු මරු ඊයේ තමා චූටි මල්ලිගේ එකක් මුලින්ම කියෙව්වේ :P

ඔන්න අද තමයි මාත් මල්ලිගේ බ්ලොග් එක පත්තේ ආවේ.එලම තමා ලියන විදියනම් මරු මල්ලි.ඔන්න මාත් ෆොලෝ පාරක් දෑම්මා.දිගටම ලියන්න සුබ පෑතුම්..........

හරි ලොකු පවුලක චුටි මල්ලියෙක් වගේ. ඔන්න මමත් ආව. ඉඩක් ඇති විට හැනොයි පැත්තේ එන්න මගේ ලින්ක් එක
nelumwila.blospot.com

patta chuti malle.. :D
-Naveen Mahima

Post a Comment